Tuesday 5th of May 2026

English Tamil
Advertiesment


අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදි රජයෙන් ප්‍රශ්න කරයි


2026-05-05 1261

 


නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ලක් රජය විසින් සිදු කරනු ලැබූ ණය පියවීමක් අදාළ ණයකරු වෙත නොව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු නිසා මේ සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඔස්ට්‍රේලියාවට ණය ගෙවීමේ දී අතුරුදන් වූ ඇ.ඩොලර් මිලියන 2.5 මුදල ගැන ප්‍රශ්න කරමිනි.

දේශීය හා විදේශීය රාජ්‍ය ණය කළමනාකරණයට අදාළ දැනට පවත්නා නීති හා එම නීති බලාත්මක කිරීමට වගකීම ඇති ආයතන ඉදිරිපත් කරන ලෙසත් 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මත වූ දින සිට අද දක්වා ණය ගෙවීම් කළමනාකරණ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ආයතන අතර වෙනස් වූ ආකාරය දින වකවානු සහිතව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මේ සඳහා වගකිවයුතු නිලධාරීන් කවුද..?

 

රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වාර්තා කළ පරිදි ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීම් 10ක් තුළ අහිමි වී ඇති බවත් දැනට සනාථ කර ගත් තොරගුරු අනුව එම එක් එක් ගෙවීම් සිදු කර දිනයන් ඉදිරිපත් කරන ලෙසත් මෙවැනි ණය ගෙවීම් සිදුකිරීමේ සම්මත ක්‍රියාපටිපාටියේ පියවර ඉදිරිපත් කරන ලෙසත් ඒ පියවරයන් හි වගකිවයුතු ආයතන හා නිලධාරීන් ඉදිරිපත් කරන ලෙසත් මෙම වැරදි ගෙවීම් සදහා වගකිවයුතු යැයි දැනට හදුනාගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මීට අමතරව තවත් මුදල් ගණුදෙනු රැසක ප්‍රශ්න තිබෙනවා නේද..?

 

මේ ඩොලර් මිලියන 2.5 අහිමි වීමත් සමඟ ඇමරිකානු තැපැලට ගෙවූ ඇ. ඩොලර් ලක්ෂ 6ක ගැටලුවක් සේම අස්වැසුමේද දෙවරක් ගෙවීම් සිදුව ඇති බවට වාර්තා වන නිසා මේ ගැන සත්‍ය ඉදිරිපත් කරන ලෙසත ප්‍රංශ රජයෙන් ලබා ගත් ණය මුදලකට අදාළ ණය පත්‍රිකා පවා අතුරුදන් වී ඇති බවට වාර්තා වන නිසා මේ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

 
ජනවාරියේ අනාවරණය වූ මේ සිදුවීම පාර්ලිමේන්තුවට වාර්තා නොකළේ ඇයි..?

 

මෙම සිදුවීම අනාවරණය වූ දිනය, එදින සිට මුදල් රෙගුලාසි 103 සිට 109 දක්වා හා 156ට අනුව වෙන් වෙන් වශයෙන් ගත් ක්‍රියාමාර්ග දින වකවානු සහිතව ඉදිරිපත් කරන ලෙසත් එහි වාර්තා සභාගත කරන ලෙසත් අද දක්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම රජය මගහැරියේ කුමන හේතු නිසා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ජනවාරි මස සිදුවූ මේ සිදුවීම් ට අදාළව රජය මේ වන තෙක් පාර්ලිමේන්තුවට වාර්තා නොකළ නිසා විවිධ සිවිල් ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 
ඇයි අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න ප්‍රමාද වූයේ..?

 

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව මුදල් අමාත්‍යාංශය ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත් ඔස්ට්‍රේලියානු ආයතනයේ නිල ඊමේල් ලිපිනයට සමාන ඊමේල් ලිපිනයකින් ලැබුණු උපදෙස් මත ගෙවීම් විස්තර වෙනස් කළේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙහි දී සත්‍යාපනයක් සිදුව ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙසත් රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව විශාල මුදලකට අදාල ගෙවීම් විස්තර වෙනස් කරනවා නම් ස්වාධීන ක්‍රමයක් හරහා තහවුරු කර ගත යුතු බවත් අදියර 14ක් තිබියදී පවා මෙය සිදුවූ ආකාරය ගැන ඉදිරිපත් කළ යුතු බවත් මෙය හෙළිදරව් වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා මේ ගැනත් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
ණය පැහැර හැරීමෙන් මිදීමට රජය ගත් ක්‍රියාමාර්ග කවරේද..?

 

මේ සම්බන්ධයෙන් පැමිණි කළ දිනය, පැමිණි අංකය සහ පැමිණිල්ල ඉදිරිපත් කළ අය කවුද කියා ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වන ආකාරයට මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතා මේ පැමිණිලි ඉදිරිපත් කළා කියන කතාද ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් දැනට ගෙන ඇති නිතිමය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් මෙම මුදල් අස්ථානගතවීමත් සමග අයිඑම්එෆ් ගිවිසුම ප්‍රකාරව තාක්ෂණික ණය පැහැර හැරීමක් සිදුකර ඇත්නම් ඉන් මිදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරුවල සිටියදී පරීක්ෂණ ස්වාධීනව සිදු කරන්නේ කෙසේද..?

 

ඉතිහාසයේ බරපතලම වගකීම් විරහිත මෙම ගණුදෙනුවට අදාළ කාර්ය අධීක්ෂණය හා කළමනාකරණ කරනු ලැබූ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් රාජ්‍යකාරි පැහැර ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා වගකිවයුතු නිලධාරීන් තවදුරටත් තනතුරේ රදවා ගෙන සාධාරණ පරීක්ෂණයක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment